කුවේට් සිට පැමිණි පිරිසෙන් 197 දෙනෙකුට කොරෝනා

පසුගියදා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ අවසන් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පසුගිය 19 සහ 20 යන දෙදින තුළ කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයින් 466 දෙනාගෙන් 197 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වූ බවයි.

නාවික හමුදා සාමාජිකයින්ගෙන් පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවේ කුවේට් සිට මෙරටට පැමිණි පිරිසගෙනි. එමෙන්ම කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්ද වෛරසය වැළඳීමෙන් ත්‍රිකුණාමාලය නිරෝධායන මධ්‍යස්ථානයකදි ජීවිතක්ෂයට පත් වුනා.

කෙසේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරන්නේ විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අසරණ නොකරන බවත්, වෛරසය ආසාදනය වී මෙරටට පැමිණෙන පුද්ගලයින් මගින් බාහිර සමාජයට එම වෛරසය ව්‍යාප්ත නොවීමට වග බලා ගන්නා බවයි. ඒ අනුව ඔවුන් ගුවන්තොටුපළට පැමිණීමේ සිට නිරෝධායන ක්‍රියාවලය දක්වා යොමු කිරීම දක්වා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *