මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා දින ප්‍රකාශයට පත් කෙරේ

එළැඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 1 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේය.

24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් 21 වැනි දින රැස්වීමට නියමිත අතර, නාමයෝජනා කාලය ඔක්තෝබර් 4 සිට 2024 ඔක්තෝබර් 11 වැනි දින මධ්‍යහන 12 දක්වා සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *