විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියෙකුට අදාල තනතුර ලබදිම සදහා සැකකරු විසින් රු දෙලක්ෂ විසි පන්දහසක මුදලක් හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ තරුණියෙකුගෙන් ලබාගෙන එම තරුණියගේ විශ්වාසය ගොඩනැගිම සදහා එම තනතුර ලබා දිම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වි ඇති බවට හුවා දක්වන ව්‍යාජ ලිපි කිහිපයක්ද සැකකරු විසින් පැමිණිලි කාරිනිය වෙත ලබා දි ඇත.
සැකකරු මේ සදහා ජනාධිපති ලේකම් කාර්යයාලය, අග්‍රමාත්‍යය කාර්යයාලය සහ විදුලි බල මණ්ඩලයේ ලිපි ශිර්ෂ යටතේ අදාල තනතුර ලබා දිම සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි කිහිපයක් ද පැමිණිලිකාරිනිය වෙත ලබා දි ඇති බව හැටන් පොලිසිය පැවසුවේය.
අදාල ලිපි වල එම රාජ්‍යය ආයතන වල උසස් නිලධාරින්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණද එම ලිපි වල නිල මුද්‍රාව නොතිබුණු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, එම සැකකරුට ආදාල රාජ්‍යය ආයතන වල ලිපි ශිර්ෂ ලැබුණු ආකාරය පිලිබදව සහ මුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් විමර්ෂනයක් සිදු කරන බව හැටන් පොලිසිය පවසයි.
උපුටා ගැනීම – ලංකා සී නිවුස්
ඡායාරූපය – lanka gasset