Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

76 බෙල්ලන්විල ඇසළ මහා පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය පතයි

76 බෙල්ලන්විල ඇසළ මහා පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය පතයි

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සංවිධානය කිරීම සහ අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

ඓතිහාසික විහාරස්ථානයේ 76 වන ඇසළ මහා පෙරහැර ජූලි 25 සිට අගෝස්තු 16 දක්වා පැවැත්වීමට නියමිත බව ඔවුහු පැවසූහ.

මහනුවර ඇසළ පෙරහැරෙන් පසු රටේ ප්‍රමුඛතම ආගමික පෙරහැරක් ලෙස සැලකෙන මෙවර පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෙට්‍රෝ සමාගම සහ ලංකා සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින් මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව මූල්‍ය ආධාර ලබා ගැනීමට තීරණය විය.

විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි, විහාරාධිපති බෙල්ලන්විල සංඝරතන හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි, පෙරහැර කමිටු සභාපති එච්.ඩී. ප්‍රේමසිරි, ලේකම් කේසර ලාල් ගුණසේකර, භාණ්ඩාගාරික කිංස්ලි කුමාර, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ, බොරලැස්ගමුව නගර සභාවේ සභාපති නිශාන්ත වෙදමුල්ල යන මහත්වරු ඇතුළු අනුග්‍රහය දක්වන රාජ්‍ය ආයතන කිහිපයක නියෝජිතයෝ ද සහභාගි වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *