Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ගෝඨාගේ වැඩක් වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියලු විස්තර මෙන්න..

පාස්කු බෝම්බ ගෝඨාගේ වැඩක් වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියලු විස්තර මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඉතිහාසයේ දරුණුතම පරාජය පිළිබඳ ඉව වැටීමෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පැවරීමේ කූට සැලැස්මක් සකස් කර තිබෙනවා. එය “මහ හෙළිදරව්ව” නමින් නම් කර ඇති පියවර පහක සැලැස්මක්. මෙය ඉතාම ලැජ්ජා සහගතයි. නමුත් ජාතියේ වාසනාවට මෙය සැලසුම් කිරීමට සම්බන්ධ කරගත් පුද්ගලයන් අතර හිටිය හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සු මේ පිළිබඳව අපට සම්පූර්ණ තොරතුරු හෙළි කළා.

පළමු අදියර වන්නේ බත්තරමුල්ලේ තුෂාර නමැති අයෙකුගේ නිවසේ දී තව්හිද් ජමාත් ත්‍රස්තවාදියෙකු කරන පාපොච්චාරණයක් ලෙස දැක්වෙන වීඩියෝවක් පටිගත කිරීමයි. මෙකී ත්‍රස්තවාදියා ලෙස පෙනී සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරණයේ දී ජාතික ආරක්ෂාව මුල් තැනට ගෙනැවිත් ගෝඨාභය මැතිතුමාට වාසි සහගත තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව පවසනවා. එය ගෝඨාභය මැතිතුමාගේ ඉල්ලීමට ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි විසින් කළ ප්‍රහාරයක් ලෙසයි එම පාපෝච්චාරණයේ දැක්වෙන්නේ. එහි දී ලාංකිකයින් දෙදෙනෙකුගේ නම් ප්‍රකාශ කරමින් ඔවුන් හරහා මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමග ගෝඨාභය මැතිතුමා ලඟින්ම සබඳතා පවත්වන බවටත් චෝදනා කරනවා. මේ වීඩියෝව දැනටමත් පටිගත කර අවසන්.

දෙවන අදියර වන්නේ එජාපයේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් අටදෙනෙකු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා පාස්කු ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සහ තුවාල වූ අයගේ වගකීම ගෝඨාභය මැතිතුමා බාර ගත යුතු බවටත් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස ගෝඨාභය මැතිතුමා වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් පැවසීමයි.

තෙවන අදියර වන්නේ නොවැම්බර් 3 වන ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉදිරිපිට “ගෝඨා අත්අඩංගුවට ගනු” යනුවෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමයි. සිව්වන අදියර වන්නේ කතෝලික පියතුමන්ලා මේ පිළිබඳ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටීමත් කතෝලික ප්‍රජාවේ ප්‍රභූන් විසින් අඛණ්ඩව අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලා සිටීමත්ය. පස්වන අදියර වන්නේ ගෝඨාභය මැතිතුමාට ජාත්‍යන්තර ත්‍රස්තවාදින් සමග සබඳතා ඇති බව දැක්වෙන පදනම් විරහිත ලියැවිල්ලක් එජාපය විසින් ප්‍රසිද්ධ කිරීමයි.

“මඩින් එපා. ගොඩින් එන්න කියා” සජිත් ප්‍රේමදාස මැතිතුමා මෑතක දී කිව්වා. අපි නම් එතුමාට කවදාවත් මඩ ගැහුව්වේ නෑ. මේ වගේ බොරු කතා හැදුවේ නෑ. එල්ල කළ සෑම චෝදනාවක්ම සාක්ෂි සහිතවයි ඉදිරිපත් කලේ. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබේ දැවැන්ත පරාජය ඉදිරියේ ඔබේ වියරුව අපට තේරුම් ගන්නට පුළුවන්.හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමනි මඩින් එපා ගොඩින් එන්න කියලායි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ.

 

https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/2542105145871353/

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *