ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා twitter ඔස්සේ පණිවිඩයක් තබමින් තමන් විවේක සුවයට වඩා සක්‍රිය දේශපාලනයට ඇලුම්කරන බව සඳහන් කරයි.
ජනාධිපතිතුමා දේශපාලනය තුළ සප්‍රයිස් දීමට කවදත් හපනෙකි. එතුමා මෙවරද මේ සුදානම් වන්නේ පවතින ප්‍රධාන ප්‍රවාහයන් දෙකෙන් එකකට සහාය දීමට ද?
ජනාධිපතිවරයෙක් ලෙස තනතුරු හෙබවූ මෙතුමන් නැවත ඇමතිවරයෙක් ලෙස දේශපාලනයේ නිරතවීම නම් සිදුවිය නොහැක. නිදහස් පක්ෂය ද මේ වනවිට සෝදා පාළුවකට ලක්ව ඇති නිසා පක්ෂ නායකත්වය තවදුරටත් මෙතුමන් ට තබා ගැනීමට හැකිවේ ද යන්නත් සැකසහිත ය.
රාජපක්ෂ කඳවුරින් නම් මෙතුමන්ට ඉහළ තනතුරක් තවදුරටත් ඉතිරි වී නැත. මේ උත්සාහ කරන්නේ සජිත් පිළ සමඟ එකතුව අගමැති බවට පත් වීමට ද? ඒ සඳහා ඇති ලොකුම බාධාව රනිල් වික්‍රමසිංහ මහතා ය. රනිල් පිලිබඳ රැස්වීම් වල දී සජිත් කතා නොකිරීමත් තමන් කැමති අගමැති වරයෙක් පත්කර ගැනීමට සජිත් ට හැකියාව ඇතිබව ඔහුට සහාය දෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් පැවසීමත් දේශපාලන කරළියේ යම් යම් ඉඟි විය හැකි ය.
තව ද මංගල සමරවීර මහතා කෝටි ගණනක ජනාධිපති මන්දිරය මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම ගිය පසුද වාසය කිරීමට කැබිනට් යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීම දේශපාලන අල්ලසක් ලෙස ද අර්ථකථනය කිරීමේ හැකියාවක් ඇත.
මේ සියල්ල හෙළි කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියූ, නොකරනවා යැයි පොරොන්දු දුන් දේ ද කෙරූ පුද්ගලයෙක් ගේ තවත් ආප්ප කෑමේ සංදර්ශනයක් දැයි සැක සහිතය.
කෙසේ වෙතත් අතීත අත්දැකීම් ඒ තරම් හොඳ නැති නිසා තැටිය හොඳින් රත් නොවුණොත් නිහඬව සිටීමට එතුමන් උත්සාහවත් වනු නොඅනුමානය.