Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘රාජපක්ෂලාට නඩු දාන්නැයි බලපෑම් කළා‘ – FCID හිටපු ලොක්කාගෙන් අනාවරණයක් (වීඩියෝ සහිතයි)

‘රාජපක්ෂලාට නඩු දාන්නැයි බලපෑම් කළා‘ – FCID හිටපු ලොක්කාගෙන් අනාවරණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වූ පරිදි පරිදි ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවට එම කොට්ඨාසය භාර හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය.

එහි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ආණ්ඩුවේ එක්තරා පිරිසක් ඉලක්ක කරගනිමින් පමණක් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී වෛද්‍යලංකාර මහතා මේ බව පැවසීය.

ඒ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මේ එහිදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරුය.

“ප්‍රශ්නය:- ඔබතුමා එෆ්.සී.අයි.ඩී.එකේ කටයුතු පවත්වාගෙන ගියේ කොහොමද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- පැමිණිලි 300කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබුණා. එයින් පැමිණිලි 50ක විතර අපි විමර්ශන අවසන් කරලා තිබුණා. නඩු 15ක් පමණ තමයි දැනට පවතින්නේ.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එක ආරම්භ කරපු ඒ අරමුණ ඉටු වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එෆ්.සී.අයි.ඩී. එකේ කාර්යයභාරය බොහොම ස්වාධීනව කරන්නට තිබුණා නම් මීට වැඩිය සාර්ථකත්වයක් ලබාගන්න තිබුණා.

ප්‍රශ්නය:- දේශපාලන බලපෑම් නිසා ඒ කාර්යය කරන්න බැරිවුණා කියන එකද ඔබ අදහස් කරන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- ඔව් බලපෑම් පැහැදිලිවම තිබුණා. එෆ්.සී.අයි.ඩී. එක විභාග කළේ දූෂණ මර්දන කාර්යාංශයෙන් එවන පැමිණිලි පමණයි. වෙන පැමිණිලි අපිට ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ කාටවත්. එම පැමිණිලි පවතින රජයට පෙර පැවති රාජ්‍ය පාලන කාලයේ තිබුණ දේවල් .එතකොට පැහැදිලි වෙනවා එක්තරා කොටසක් විතරක් ඉලක්ක කරගෙන විමර්ශන කළා කියන එක ඒ ගොල්ලන්ගේ අභිමතාර්ථය කියලා මට පෙනී ගියා මේ විමර්ශන කරද්දි.

ප්‍රශ්නය:- වැඩියෙන් පැමිණිලි ආවේ රාජපක්ෂවරුන්ට විරුද්ධවද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- බරපතළ පැමිණිලි රාජපක්ෂවරැන්ට විරැද්ධව තමයි ආවේ.

ප්‍රශ්නය:- දූෂණ මර්දන කාර්යාංශයේ හිටපු ඇමතිවරුන්ගෙන් බලපෑම් ආවා කියලද ඔබ මේ කියන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- විමර්ශන ඉක්මනින් කරලා ඉක්මනින් නඩු දාලා කරන්න කියපු දේ ඇත්ත.

ප්‍රශ්නය:- කවුද මේවා කරන්න කියලා ඔබතුමාලට උපදෙස් දුන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- මේ කාර්යාංශයේ ප්‍රධානියා වුණේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහත්මයා. ඒගොල්ලෝ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරනකොටම ඔවුන්ගේ උපදෙසුත් ඒත් සමගම ඉදිරිපත් කළා.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එකේ ප්‍රධානියා විදියට ඔබතුමාට ඔවුන්ගෙන් බලපෑම් ආවාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහෙම බලපෑම් ලැබුණා. නමුත් අපි ක්‍රියාකරේ නීතියට අනුවයි.

ප්‍රශ්නය:- ඔය කමිටුවේ හිටපු සාමාජිකයින් කවුද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- රාජිත සේනාරත්න මහත්මයා, සරත් ෆොන්සේකා මහත්මයා, චම්පික රණවක මහත්මයා සහභාගී වුණා. මලික් සමරවික්‍රම මහත්මයාත් සහභාගී වුණා.

ප්‍රශ්නය:- එම කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්මයාත් හිටියද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- කමිටු සමාජිකයෙක්ද කියන එක මම දන්නේ නැහැ ඔහු සහභාගී වුණා. මේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිපුර වුවමනාවක් තිබුණ අය තමයි මේ කමිටුවේ හිටියේ.

ප්‍රශ්නය:- ඔබතුමාගේ පත්වීම ගැන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ලිපියක් යොමුකළා දූෂිත නිලධාරියෙක් කියලා ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහිදී ඇය කියලා තිබ්බේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට පාදක වෙච්ච කරුණු ඔහු විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිග් ගණුදෙනුව ඒ වෙච්ච දූෂණයක් හෙළිදරව් කිරීම කියලා. මිග් ගනුදෙනුවේ යම්කිසි දූෂිත ක්‍රියාවලියක් සිදුවෙලා තියනවාද කියලා විමර්ශන කළේ එෆ්.සී.අයි.ඩී. එක. එතකොට මෙයින් උත්සාහයක් දැරුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට සම්බන්ධයි කියන්න, නමුත් සාක්ෂි නැතුව කෙනෙක්ව වරදකාරයෙක් හෝ සැකකාරයෙක් කරන්නට බැහැ. ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න මාව ඉත්තෙක් කරගන්නට මම කොහොමවත් ඉඩක් තිබ්බේ නැහැ.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය මිග් ගනුදෙනුවෙදි සැකකරුවෙක් විදියට අනාවරණ වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එතුමාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් පිළිබඳ මම ඉන්න කාලේ කිසිම අනාවරණය වීමක් වෙලා නැහැ.“

(උපුටා ගැනීම – adaderana)

වීඩියෝ දර්ශන – අද දෙරණ
–

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *