Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘තනි පුද්ගලයෙක් නඩත්තුවට ජනතා මුදලින් දවසකට කෝටි 2ක්‘ – ජවිපෙ හෙළි කරයි

‘තනි පුද්ගලයෙක් නඩත්තුවට ජනතා මුදලින් දවසකට කෝටි 2ක්‘ – ජවිපෙ හෙළි කරයි

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් එනම් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන් කරගෙන තිබෙන බවත්. මහජන මුදල් මේ තරම් විශාල ප්‍රමාණයක් පුද්ගලයෙකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

“පසුගිය 23 දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල් මාස 4ට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා. නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට මුළු ජීවිතයටම වැය නොකරන මුදලක් මහජන ධනයෙන් තනි පුද්ගලයෙකුගේ දවසක වියදමට දරන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මීට අමතරව ජනාධිපතිවරයා විශ්‍රාම යනකොට වරප්‍රසාද පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත කර දී තිබෙනවා. නිල නිවාසයක්, ආරක්ෂක වාහන, පුද්ගලික වාහන, ඉන්ධන දීමනා වගේ දේවල්වලින් රුපියල් කෝටි 800ක පැකේජයක් අනුමත කරගෙන. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විශ්‍රාම යන අවස්ථාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර භාගයක ඉඩමක් වෙන්කර ගත්තා.”

“දියවන්නාව මැද මාළිගයක් ඉදිකරන්න අත්තිවාරම් දැම්මා. කණු හිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ නාස්තිකාර වියදම්, ගොවි ණය කපාහරින්න, සහන මිලට පොහොර දෙන්න යොදවන්න බලකළා. ඒ වගේම 2007 මැයි මාසේ 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු පහසුකම් ගැන නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වාසය කරන්න සුදුසු නිවාසයක් නැත්නම්, විශ්‍රාමිකයාට සරිලන මුදලක් වැයකරන නිවාසයක් ලබාදීම, පෞද්ගලික ලේකම්වරයෙකු පත්කර ගැනීම, කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබාදීම, කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් පස්දෙනෙකුට හයදෙනෙකුට ලබාදීම නිර්දේශ දී තිබෙනවා. අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තිබෙන පැකේජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවටත් විරුද්ධව යාමක්. බලයට පත්වෙන විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ විශ්‍රාම ගියාම පොළොන්නරු ගිහින් කුඹුරු කොටන බවයි. මෙතන තියෙන විශේෂත්වය සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් මේ නාස්තිකාර වියදම් අනුමත කර දීමයි.  අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවුරුදු 71ක් පුරා ජනතාව මත බදු පටවාගෙන ආ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න පෙළ ගැසෙන්න කියලා.” යනුවෙන්ද විජිත් හේරත් මහතා එහිදී සඳහන් කර සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *