ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවත් එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් සිය මංගල ජන රැලිය අනුරාධපුරයේදී අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
නොවැම්බර් 17වැනිදා තම ජයග්රහණයෙන් පසු එදිනම නිකරුණේ සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එසේම නිදහසින් පසු මේ රටේ ගොවියාට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලබා දුන් යුගය මහින්ද රාජපක්ෂ යුගය බවත් ඒ මහතා ප්රකාශ කළේය. සියලු ගොවි ජනතාවට තම රජයක් යටතේ නොමිලේ පොහොර සහනාධාරය ලබා දෙන බවත්, සියලු වගා ණය කපා හරින බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලිය අමතමින් සඳහන් කළේය.