රිෂාඩ් බදියුදීන්ට කෝටි 100ක් දුන්නේ ඇයි? FCIDයට පැමිණිල්ලක්

අමාත්ය රිෂාඩ් බදියුදීන් රුපියල් කෝටි 100ක් ලබාදී යහපාලන ආණ්ඩුවට එක්ව ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(04) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ රාසික් මොහොමඩ් ක්වාදීර් ඛාන් නැමැති පුද්ගලයෙකු විසින්ය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එසේ පැමිණිල්ලක් කර ඇත්තේ ඔහු යහපාලන ආණ්ඩුව සමඟ එක්වීමේදී රුපියල් කෝටි 100ක මුදලක් ලබාදී ඊට එක්වූ බවට පැවසෙන සිද්ධියක් ඇතුළු සිද්ධීන් 4ක් සම්බන්ධයෙන්ය.
(Image – Onlanka News)
