LK reports news sinhala

ගෝඨා මාධ්‍යයෙන් දුරස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍යවලට මුහුණ නොදෙන ලෙස උපදෙස් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්ව ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් මත මාධ්‍යයෙන් වැළකී සිටින බවයි.

ඒ මහතාට එරෙහිව දේශීය හා විදේශීය නඩු කිහිපයක් ගොනු කර ඇති බව ඔහු පැවසීය. එහි ප්‍රථිපලයක් ලෙස ඔහුගේ නීති උපදේශකයින් ඔහුට හැකි තාක් දුරට මාධ්‍යයෙන් දුරස්ව සිටින ලෙසත් අධිකරණ නඩු වලට බලපාන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත් උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.