Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම ගෝඨාභය පහදයි

පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම ගෝඨාභය පහදයි

නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ප‍්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ජාතික පෙරපාසල් ගුරු වෘත්තීය ජාතික සම්මේලනය අද(1) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළට යන්න අපේ දරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් අපිට ඉදිරි ආර්ථික සැළැස්මක් ගැන කතා කිරීමේ හැකියාවක් නොමැති බවත් 21 වෙනි ශත වර්ෂය දැනුම හා ඥානය මුල් කරගත් ශත වර්ෂයක් බවත් දැනුම හා ඥානය කෙරෙහි අවධානය යොමු නොකර රැකියා උත්පාදනය කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ නිසා අධ්‍යාපනය යනු රටක ජාතියක පැවැත්මට වඩාම වැදගත්වන ක්ෂේත‍්‍රයක් වන බැවින් අපේ දරුවන්ට පළමුවෙන්ම අයන්න කියලා දෙන පෙර පාසලේ අධ්‍යාපනයත් එම ආකාරයෙන්ම වැදගත් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනයට විශාල ආයෝජනයක වෙන් කළ යුතු බවත් එමෙන්ම පෙර පාසල් සංවර්ධනය සඳහාත් අවධානය යොමු කළ යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“දැනටත් අපේ සමහර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීමේ ප‍්‍රවණතාවය අඩුයි.  පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම දෙමව්පියන්ට අවබෝධ කරවිම සදහාත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. විශේෂයෙන් අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සඳහා වූ ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු වී තිබෙනවා.“ යැයිද ඒ මහතා කියා සිටියේය.

ඒ වගේම පෙරපාසල් ගුරුවරියන්ගේ දැනුම වැඩිකර ගැනීමට අවස්ථාව සලසන බවත් මෙවැනි වෘත්තීය සමිතියක් කි‍්‍රයාත්මක වීම මගින් පෙර පාසල් ගුරුවරියන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර පෙර පාසල් විධිමත් කිරීමේ අවස්ථාව හිමි වන බවත් ගෝඨාභය මහතා පෙන්වා දුන්නේය.

“බොහෝ වෘත්තීන් පහත් කොට සලකන මානසිකත්වයක් අපේ සමාජයේ පවතිනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට මේ තත්ත්වයන් වෙනස් කිරීමේ වගකීම පවතින්නේ ඔබ මතයි.“ යනුවෙන්ද ඒ මහතා සඳහන් කර සිටියේය.

(Image – facebook )

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *