Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

2025දී දේශීය ඖෂධ නිශ්පාදනය සියයට 90ක් දක්වා ඉහළට

2025දී දේශීය ඖෂධ නිශ්පාදනය සියයට 90ක් දක්වා ඉහළට

1963 ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය – Sri Lanka Pharmaceutical Manufacturers’ Association සිය 61 වන සංවත්සරය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පවත්වනු ලැබීය.

1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) මේ වනවිට බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතින් පවත්වාගෙන යන 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් විවිධ ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරන අතර, දේශීය ඖෂධ වෙළඳපලින් 20% ක ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී. රජයේ රෝහල්වල සහ සායනවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් ආසන්න වශයෙන් 25% ක් සපයනු ලබන්නේ එම දේශීය නිෂ්පාදකයින් විසිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මහාචාර්ය සේනක බිබිලේ මහතා ආරම්භ කළ දේශීය ඖෂධ නිෂ්පාදනය මේ වනවිට විශාල වර්ධනයක් ලබා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු කරමින් පවතින බවත්, ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90% වැඩිකර ගත හැකි බවට තමා විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරමින් සහ දේශීය වෙළෙදපොලින් සියයට 25 ක් ආවරණය කරන බවත් එය විශාල ජයග්‍රහණයක් බවත්, වසරින් වසර ඉදිරියට යමින් ඖෂධ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබන බව  ද පැවසීය.

මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ නිෂ්පාදනය, නියාමනය කෙරෙහි මහත් දායකත්වයක් ලබාදුන් බවත්, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ විශ්වාසය තහවුරු කිරිම සහ දිරිමත් කිරිම සදහා දේශීය නිෂ්පාදකයින්ගෙන් එම නිෂ්පාදන නැවත රජයටම මිලදි ගැනීමේ ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉදිරි වසර 02 ක කාලය සදහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගත් අතර, නව සභාපති ලෙස නලීන් කන්නන්ගර මහතා මෙහිදී තේරී පත් විය. උප සභාපති ලෙස විරාඡ් මානතුංග මහතා සහ ඡ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස දිනේෂ් අතපත්තු මහතා තේරී පත් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයයේ නිලධාරින් ඇතුලු සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *