2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ලැබීලා

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයෙ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *