2020 වසරේ නිවාස 14,022 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

2020 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 14,022ක් ඉදිකර අවසන් කිරීමටත් එළැඹෙන ජනවාරි 31 වෙනිදාට පෙර එම කයටුතු ආරම්භ කිරීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

” වත්මන් විපක්ෂ නායක මිලියන, බිලියන ගණන් මුදල් නාස්ති කරලා අවුරුදු හතරහමාරටම නිවාස 7000යි හදලා තියෙන්නේ. ඒ 7000න් ජලය, විදුලිය, මාර්ග පහසුකම් නොමැති කමින් පදිංචි වෙලා ඉන්නේ නිවාස 5000ක පමණක්” බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *