2011 දී රත්ගමදී සිදුවූ ඝාතනයට අදාළ හය දෙනෙකුට මරණ දඩුවම

යකඩ පොලු වලින් පහරදී අයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය. ඒ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විසින්. මෙසේ මරණ දඬුවම නියම වුයේ මාවඩවිලගේ නිලුක්ෂ මධුශාන් ජයලත්, හලු කීර්ති දිනේෂ් කුමාර, යද්දෙහි නිසල් චන්දන, දඩල්ලගේ ගයාන් සම්පත්, දේනෙත්ති අනුර ප්‍රියන්ත, අගම්පොඩි ඉන්දික ප්‍රසාද් කුමාර විත්තිකරුවන් හයදෙනාටය.

2011 ජනවාරි 29 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී රත්ගම කටුදම්පේදි දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

සිද්ධිය වූ දින රාත්‍රි 9.05ට පමණ මියගිය අයගේ නිවස ඉදිරිපිට පිරිමි ළමයින් තිදෙනෙකු ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එම අවස්ථාවේ එම දෙදරු පියා නිවසින් පිටතට පැමිණ ආරවුල නතරකර ඇති බවත්, පසුව ත්‍රිරෝද රථයකින් පැමිණි විත්තිකරුවන් ඔහුට යකඩ පොලුවලින් පහරදී ඔහුගේ සීයාටද තුවාල කර ඇති බවත් පැමිණිලිකරු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *