විජේදාස

“20 විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” විජේදාස රාජපක්ෂ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“  

ප්‍රශ්නය – විජේදාස රාජපක්ෂ කියන චරිතය කොහෙවත් ගිහිල්ලා වැඩි කල් ඉන්නේ නෑ. වෙන ඒවා නම් අවුරුදු 4 ක් 5 ක් විතර යනවා ලෙඩේ ඇවිස්සිලා එන්න. මේක නිකන් මාසයක්වත් ගියේ නෑනේ.

“රට පිළිබඳ මගේ තියෙන ස්ථාවරය මොන ආණ්ඩුවක සිටියත් මොන නායකයෙක් සිටියත් කවදාවත් වෙනස් කරලා නෑ. ඇමතිකම් ලබා ගන්න වරප්‍රසාද ලබා ගන්න බලයක් ඇති පැත්තකට කවදාවත් ගිහිල්ලත් නෑ.“

ප්‍රශ්නය – ඇමතිධුරය ලැබුණෙත් නෑ, ඒ ගැන හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ?

“ඒ වෙලාවේ පොඩි කණස්සල්ලක් තිබුණා දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත්ත එක ගැන.“

ප්‍රශ්නය – විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

“කිසිම බලාපොරොත්තුවක් නෑ.“

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *