20 පිළිඹඳ විවාදය අද සහ හෙට, ඡන්ද විමසීම හෙට

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිත අතර එම විවාදය අද සහ හෙට යන දෙදින පුරා (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරන්නේ හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන බවත්, දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක්ද සිදුනොවන බවත්ය.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 05 සහ 22 වගන්ති ඉවත් කරගැනීමට රජය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා සඳහන් කළේය. ඒ අදාළ වගන්ති ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ පසුබිමකයි. එමෙන්ම 20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *