ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයක

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා වන මයික් පොම්පේඕ මහතා මෙම මස (28) වැනිදා ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, එම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයකටද එක්වනු ඇති බවටයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටින්නේ. මෙම ඉන්දීය සංචාරයට රාජ්‍ය ලේකමවරයා සමග එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතාද එක්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *