අයි.සි.සි.පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්ය.
මෙල්බර්න්හිදී අද පැවති අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 184ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සදහා ලකුණු 185ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 99ක් පමණයි.
ඒ අනුව අවසන් තරගය ලකුණු 85කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුණි.