Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මන්නා රමේෂ් අත්අඩංගුවට

මන්නා රමේෂ් අත්අඩංගුවට

සංවිධානාත්මක හා දරුණු අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්”  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල කල්ලි නායකයා මිනිමැරුම්, පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහරදීම්, කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් මැණික් පතල් ලබාගෙන මැණික් ගැරීම් වැනි අපරාධ සිදුකර සැගවී සිටි පුද්ගලයෙක්ය.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සතුව මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩයක්, විදේශීය නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

තවද යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්‍ය්ය බලකා නිළධාරින් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන පාතාල නායකයන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු වැරදි රාශියකට අධිකරණයෙන් දඬුවම් ලද අයෙක් බවට ඔප්පු වී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *