අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් හිදී පැවැත්වෙයි.
බංග්ලාදේශය සහ ඉන්දියාව අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණි.
බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ පළමු වතාවට වන අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4කදී ශූරතාව දිනාගෙන ඇත.
මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකම අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක් වෙයි.