13 වැනි සංශෝධනය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

“පොලිස් බලතල හැර අනෙකුත් සියලුම බලතල පළාත් සභාවලට ඛෙදා හරින්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා පැහැදිලි කරනු ඇතැයි” එම නිවේදනයේ සඳහන් වේ.

“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

එසේම දෙමළ දේශපාලන පක්ෂවල විවිධ මතවාද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බාධාවක් බවද එම නිවේදනයේ දැක්වේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව අවසන් වී දෙසතියකට පමණ පසුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *