111 චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි.

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ රෝවර් බාලදක්ෂයින් සිවු දෙනෙක් අද පෙරවරුවේ ලන්ඩනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

III චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ රාජාභිෂේකයට සහය දැක්වීමේදී බාලදක්ෂයින් තම කාර්යභාරය ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළහ.

විශේෂයෙන්ම ගෝලීය දේශගුණික අර්බුදය හුවා දක්වමින් ජාතික හා ගෝලීය ගැටලු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීමට බාලදක්ෂයින් දිරිමත් කළ ජනාධිපතිතුමා, රටේ අනාගත නායකත්වය භාර ගැනීමට තරුණ පරපුරේ කාර්යභාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරිණි.

රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කළ බාලදක්ෂයින් සිව්දෙනා වූයේ ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු ය.

රාජාභිෂේක උත්සවයට ශ්‍රී ලංකා බාලදක්ෂයින්ගේ සහභාගීත්වය සහ ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධීකරණය කළේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *