වැලිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පිරිමි ළමුන් තිදෙනෙකු පෙබරවාරි 28 වනදා දක්වා මාකොළ ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක තැන්පත් කර තිබෙනවා.
මහමගදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිරිස මියගිය පුද්ගලයාට හිස්වැසුම්වලින් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පදිකයින්ට අනතුරුදායක බැවින් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය නොකරන ලෙසට වින්දිත තරුණයා තරුණයින්ට අවවාද කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තරුණයන් පිරිසක් ඝාතනයට ලක්වූ බිළිඳෙකුගේ පියෙකු වන පුද්ගලයාට පහරදී තිබෙනවා.
සැකකරුවන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ ගුරුවරියක වන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සිද්ධිය වන විට රැකියා විරහිතව රැකියාවක් සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
https://www.facebook.com/watch/?v=584214263289697