LK reports news sinhala

ෆොන්සේකා සජිත්ගේ හොඳ පිට පෙරළයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය අද(10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර රැලියට සහභාගීවීමට පෙර අද පෙරවරුවේ කැළණිය රජමහා විහාරය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ආශිර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන පළමු ජන රැළි අද පස්වරු 02.00 ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ පසුගිය සමයේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කළ කී දෑ සම්බන්ධයෙනි. එහිදී සරත් ෆොන්සේකා මහතා මෙසේ කියා සිටියේය.

“මම විරුද්ධව හිටියේ නෑ. මම කිව්වා පක්ෂයෙන් නාමයෝජනා ලබා දුන්නොත් එතුමා දිනවන්න වැඩ කරනවා කියලා. යම් යම් වෙනස් මත තිබුණා. ඒවා දැන් විසඳගෙන ඉවරයි අපි. අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවනවා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *