LK reports news sinhala

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද(10) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ගිවිසුමට අස්සන් තැබු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.

මෙම අවස්ථාවට පක්ෂ දෙක නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියේය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ පසුගිය කාල වකවානුවේ පක්ෂය ආරක්ෂා කර ගැනීමට විවිධ ප්‍රකාශ කිරීමට සිදු වු බවයි. එසේම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යනු රටේ විද්වතුන් අතරින් දේශ මාමක බලවේග අතරින් බිහි වු නායකයෙකු බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ආශිර්වාදයෙන් පක්ෂයත් රැකගෙන, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමන ඉදිරියට ගෙනියන බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. අද අත්සන් කළ ගිවිසුම් දෙක තුළින් ලක්ෂ 65ක ඡන්දයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා නොමැති නම් පක්ෂ දෙක එක් නොවෙන්න තිබු බවයි. එසේම පක්ෂ නායකයාගේ “පළමු ආදරය” ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. එසේම අද අත්සන් තැබු ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් දෙකම ආරක්ෂා වන බවත් ඔහු පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *