ෆේස්බුක් පිටු එකවරම සජිත්ගේ පැත්තට හැරුණේ මෙහෙමයි

ජනපතිවරණය නිමිත්තෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර විවිධ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් තරගයක් පවතින අතර එහිදී සමාජ මාධ්‍ය ජාල සඳහා යොමුවන්නේ දැඩි අවධානයකි. ඒ අනුව පසුගියදා ෆේස්බුක් ඔස්සේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී වන අයුරින් අති බහුතරයක් ෆේස්බුක් පිටු සිය පෝස්ට් පළ කරන ආකායර දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේම අනාවරණය වී ඇති පරිදි මුදල් ගෙවීමෙන් අදාළ ෆේස්බුක් පිටුවල (Facebook Pages) අයිතිකරුවන්ගේ (Admin)  මතය වෙනස් කර ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විශාල මුදලක් ෆේස් බුක් පිටුවල තම මතවාදය ප්‍රචාරය කිරීමට යොදාගෙන තිබිණි.

පසුගියදා එජාප මංගල ජන රැලිය ගාලුමුවදොර පිටියේ පැවැත්වුණු අතර එදින අතිවිශාල ජනකායක් පැමිණීම හුවා දක්වමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය නංවමින් පෝස්ට් පළ කිරීම සඳහා විශාල මුදලක් පේජ් ඇඩ්මින්වරුන් හට ගෙවා ඇතැයි වාර්තාවේ. ඇතැම් පේජ් ඇඩ්මින්වරුන් සඳහන් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි මුදල් ගෙවීමක් සිදුනොකරන බැවින් තමන්ට ජීවත්වීමට මුදල් අවශ්‍ය බැවින් මුදල් ගෙවන පාර්ශ්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *