හෙරොයින් කිලෝ 225ක් සමග 4 දෙනෙක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහබාගෙ පොලිස් වසමේ නුගගහවත්ත පාර, වැලිසර, රාගම ලිපනයේදී සිදු කරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝ 225යි ග්‍රෑම් 969ක්, සහ හොරොයින් ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් මෙම වැටලීම සිදු කර ඇත්තේ පසුගිය 13වනදා මධ්‍යම රාත්‍රියේ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 30, 50 සහ 55 යන වයස්වන පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *