Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේඛම් සහතික වෙයි

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේඛම් සහතික වෙයි

පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය. ඔහු පවසන්නේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන විනාශ කිරීම්වලට සහ ආක්‍රමණය කිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව පවසයි

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත (මැයි 14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මේ බවට සහතිකය විය.

රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වල පල වූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදී.

“හිතාමතාම හෝ වෙනයම් ආකාරයකින් ජාතික උරුමයන්ට සිදුකරනු ලබන හානිය අනුමත නොකරන අතරම පවත්නා නීතිරාමුව තුළ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා” ආරක්ෂක ලේකම් පැවසීය.

ආගම හා ජනවාර්ගිකත්වය නොසලකා රටේ අනාගත පරම්පරාවේ යහපත උදෙසා ජාතික උරුමයන් වන පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරන බව ඔහු නැවත අවධාරණය කළේය.

“පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන වලට සිදු කරන ලද විනාශයන් සහ ආක්‍රමණයන්හි වැඩි වීමක් දක්නට ඇත. සමහර පුද්ගලයින් එම ස්ථාන වලට හානි කරන බවත්, නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීද සමහර වැදගත් ආගමික ස්ථාන ආක්‍රමණය කරන බව දැන ගැනීමට ලැබීම අවාසනාවකි” ඔහු පවසා සිටියේය.

මෙම සංචාරය සදහා ආරක්ෂක ලේකම් සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු එක් වුහ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *