හෙට දින පවත්වාගෙන යාමට අවසර හිමි වන හා නොවන සේවා හා ව්‍යාපාරික ස්ථාන

හෙට (11) දිනයේදී විවෘත කිරීමට අවසර හිමි නොවන ස්ථාන ලෙසට පිසූ ආහාර, තේ, පලතුරු යුෂ සැපයීමේ හෝටල් හෝ ආයතන, සතිපොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන හෝ රාත්‍රී සමාජ ශාලා නම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඔහු සදහන් කරන්නේ මේ අතරින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇණවුම් මගින් ආහාර පාන ආදිය සැපයීමේ අවසරය ආපනශාලා වෙත හිමිවන බවයි.

මිට අමතරව වෙළදසැල්, සුපිරි වෙළදසැල් විවෘත කිරීමට අවසරය ලබාදී ඇත. එසේ විවෘත කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය වේ.

කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වෙළදසැල් පවත්වාගෙන යන හිමිකරුවන්ට හා එහි සේවකයින්ට තමන්ගේ ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් මාර්ගයේදී පරික්ෂා කරන පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත දැනුම් දී අදාළ ස්ථාන වෙත යාමට හැකියාව ලැබේ.

එමෙන්ම සැලෝන් සහ රූපලාවන්‍යාගාර හෙට සිට විවෘත කිරීමට අවසර හිමිවන අතර ඒ සදහා අදාළ මාර්ගෝපදේශයන් පිළිපදිමින් අදාළ අවසරයන් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමිවේ.

හෙට දිනයේදී බස්නාහිර පළාත තුළ මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරින් 10,000ක් පමණ යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *