හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බවය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

“පසුගිය බ්‍රහස්පතින්දා ධාවනය කළ ආකාරයෙන්ම සියලුම දුම්රියන් අපි ධාවනය කරවීමට කටයුතු කරලා තියෙනවා. මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලිඅත්තේ සිටත් දුම්රිය කිහිපයක් කොළඹ බලා ධාවනය කරවීමට කටයුතු කරලා තියෙනවා. එම දුම්රිය ධාවනය කරන්නේ අත්‍යවශ්‍යම සේවා සඳහා යන නිලධාරීන් සහ සේවකයින් වෙනුවෙන්. එහිදී අපිට අනන්‍යතාව අනාවරණය කරගන්න බැරි වුවහොත් ඊළඟ දුම්රිය ස්ථානයෙන් ඔවුන්ව බැස්සවීමට සිදුවෙනවා. හෙට දුම්රිය 51ක් පමණ ධාවනයවීමට නියමිතයි. සවස් කාලයේදීත් එම දුම්රිය ධාවනය කරනවා.”

මේ අතර රාජකරී කටයුතු සඳහා යන මගී ජනතාව වෙනුවෙන් හෙට දිනයේ සිට බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ද පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *