හෙට දිනයේ ගාල්ලේ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසුවේ,ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට පැය 08ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බවයි.
හෙට පෙ.ව 08.30 සිට ප.ව 4.30 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
