දිස්ත්‍රික්ක තුනක ජය සජිත්ට – මැකෝ අද සවස සියලු අපේක්ෂකයින් කැඳවයි

2019 ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව පොළොන්නරුව, වන්නි, ත්‍රිකුණාමලය සහ යාපනය යන දිස්ත්‍රික්කවල සමස්ත ප්‍රතිඵලය නිකුත් කර ඇති අතර ඉන් පොළොන්නරුව හැර ඉතිරි දිස්ත්‍රික්ක තුනේම ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් හිමිකරගෙන ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ආසන ජයගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය  කර ඇත.

මේ වනවිට ප්‍රතිපල ඉතා ඉක්මනින් නිකුත් කරමින් පවතින අතර කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වැඩිවේලාවක් ගතවන බව ආරංචි වේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ අද පස්වරු 3ට පමණ සියලු අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි. ඒ අනුව අද දිනය තුළ සමස්ත ප්‍රතිඵලය ලබාදීමට හැකිවනු ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *