හන්තාන,ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය අද විවෘත කරයි.

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද නව ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය අද (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

හන්තාන ජාත්‍යන්තර කුරුළු උද්‍යානය සහ විනෝදාස්වාද මධ්‍යස්ථානය හෙට පස්වරු 03.00 ට විවෘත කෙරෙන නමුත් එය පෙබරවාරි 23 වැනිදා සිට මහජනතාවට විවෘත වේ.

හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති මෙම අක්කර 27 ක විදේශීය පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විදේශීය පක්ෂීන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවකට නිවහනකි.

එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ කියා සිටියේ මෙම උද්‍යානය විදේශ රටවලට ආවේණික පක්ෂීන්ගෙන් සමන්විත වන අතර සංක්‍රමණික පක්ෂීන්ට ද තුවාල වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර මුදා හැරීමේ ඒකකයක් ඇති බවයි.

රුපියල් මිලියන 490ක වියදමින් ඉදිකර ඇති මෙම විදේශීය කුරුළු උද්‍යානයේ විශාල කූඩුවල කුරුල්ලන් රඳවා ඇත. කුරුල්ලන් රැකබලා ගැනීම සඳහා මෙම උද්‍යානයේ 100කට ආසන්න පිරිසක් සේවයේ යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *