සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා විශේෂ වීසා ක්‍රමයක් දියත් කිරීමට සැරසෙයි.

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා රජය විශේෂ වීසා වැඩසටහනක් දියත් කර තිබේ.

මෙම විශේෂ වීසා වැඩසටහන 10 ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් දියත් කරන ලදී.

එමගින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය අමුණුගම ප්‍රකාශ කළේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2කට මහල් නිවාස සංකීර්ණ මිලදී ගන්නා විදේශිකයින් සඳහා විශේෂ වැඩසටහන යටතේ වසර 10ක කාලයක් සඳහා වීසා ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *