Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර අඩුපාඩු විසඳන්න – ජනපති කියයි

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර අඩුපාඩු විසඳන්න – ජනපති කියයි

මානුෂීයව අවධානය යොමු කරමින් සිරකරුවන්ට පවතින අඩුපාඩු විසඳීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් 12,000කට අධික සිරකරුවන් පිරිසක් සිටින බවත්, ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහනක්ද සකස් කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා අවධාරණය කර තිබේ.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

එමෙන්ම මේ වනවිට ගැටලුවක්ව පවතින බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය නැති කිරීම සදහා දැනට හඳුනා ගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බැලීමටත්, විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයිද ප්‍රකාශ කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *