LK reports news sinhala

සිංහලයාගේ පරිහානිය ගැන දම්පල්තුමන් කී දේ

හම්බ, මරක්කල, නාටු, පාදිලි, සුදුජාතිය, දෙමළ, බොම්බයි, ලංසි, පාර්සි, පරවරු යනාදී නානා ජාතිකයන්ගේ සිරිත් විරිත් ගන්ට ආරම්භ වු තැන් පටන් ආර්‍ය්‍ය නාම ආර්‍ය්‍ය චාරිත්‍ර බොහෝසේ නෂ්ටප්‍රාය වූහ. ස්වාමියෙකු රහිත දරුවන්සේ ස්වකීය නරශ්‍රෙෂ්ඨයන්ගේ අභාවයෙන් පසු අප වර්ගයා දුටු දුටු දුෂ්ට පර සිරිත් ගැණීමෙන් ශස්ත්‍රඥානයෙන් හා ධනයෙන් හා ගුණධර්‍මෙයන්ද පිරිහෙන්ට වන. මුල කී ජාතිකයන්ගේ ආශ්‍රය නිසාම සිංහලයාට සුරා පානයල දූ කෙළියල චෞර කර්‍මය, මනුෂ්‍ය ඝාතනාදි දුර්ගුණ රාශියක් අයිති වූහ.

පුරාතන සිංහලයන්ට ස්වභාවයෙන් පුරුදුවී තිබුන සම්‍යක් ප්‍රතිපත්ති සියල්ලම පාහේ අතුරුදන්වී සිංහලිකයෝයයි ගිණිය නොහැකි තැනට පැමිණ සිටින තරුණ තරුණියෝ දැනට ඉතා බොහෝය. පහන්සිලෙහි ආශාකිරීමෙන් ජීවිතක්ෂයට පැමිණෙන පලඟැටියාමෙන් නොයෙක්  “පැෂැන්වලට” ආශා කිරීමෙන් ඒ අනුව ක්‍රියා කරන වර්‍තමාන සිංහල වර්ගයා ස්වජාත්‍යාගමාලයෙන් හා ප්‍රතිපත්තිය ගුණධර්‍මයෙනුත් කිය නොහැකි තරම් ඉතා මහත් විනාශ මුඛයට පත්ව සිටිති. එදා වේල කෑමට පවා වත්කමක් නැති දුප්පත්  තරුණ තරුණියෝ පවා පරසිරිත අනුන්ගේ පැෂැන් එක ම ප්‍රාර්ථනා කරති. කෑම්, පීම්, ඇඳීම්, පැළඳීම්, යාම්, ඊම් සියල්ලම පරසිරිත් ලෙසම පුරුදුකර ගණිති.  යුරෝපාදී ශීතාධික රටවලින් මේ දිවයිනට පැමිණි විදේශිකයන් ඔවුන්ට පුරුදු මද්‍යපානය හා ධූම පානාදිය කරණවා දුටු නගරවැසි සිංහලයන් දෙතුන් දෙනෙකු සුරා පානයට හා ධූම පානයටත් පුරුදුවූහග ක්‍රමයෙන් ඒ නපුරු සිරිත වැඩීගන ගොස් දැනට පිටිසරබද දුප්පත් ළදරුවෝ පවා සුරුට්ටුල සිගරැට් ආදී ධූමපානයට හා මද්‍යපානයටත් පුරුදුව සිටිති.

පරජාතික පැෂැන්වලට අනුව තොප්පි, මේස්, සපත්තු ආදී ඇඳුම් පැළඳුම් නො ලැබුනොත් ඉගෙණීම සඳහා පාඨශාලා ගමන පවා නවත්වන ළමයි අප අතර දැනට සිටිති. මේවාට බොහෝ වියහියදම් වුවමනා නමුත් එය ලැබෙන්නේ කෙසේදැයි නොසලකති. මව්පියෝ දුප්පත් නමුත් තම දරුවන්ට වුවමන කරන පැෂැන් එක මොන අන්දමකින් වත් සම්පූර්ණ කර දී සිත් සනහති. මේ අපජාති  විනාශක පරසිරිත් බොහෝමයක් ක්‍රිස්තියානි පූජකයන්ගෙන් සිංහලයන්ට පුරුදුවීයයි සැලකියයුතුයි. මොවුන්ගෙන් අප ජාතියට පමණක් නොව අන්‍ය රටවලටත් විපත් පැමිණ තිබෙන බව නොයෙක්වර ප්‍රවෘත්තිවලින්  දක්නට ලැබේ. පසුගියදා පෘතුගාල් රටෙන් රෝමානු පූජකයන් නෙරපා හැරියාක්මෙන්  වෙනත් සමහර රටවල සිටින රෝමානු පූජකයන් නෙරපා හැරීමට මේ කාලයෙහි බුද්ධිමතුන් ප්‍රයත්න දරණ බව පෙනේ. මෙය මෙසේ නමුත් මොහාන්ධකාරයෙන් අන්ධිභූතව සිටින අපේ සිංහල ටික දෙනෙකු තවම පරජාතික පාදිලියාට  “හාමුදුරුවෝ” කියමින් ගරු කරණ ලීලාව පුදුමයක් නොවේද?

අපේ සමහරු පරජාතික පැෂැන් ගැණීමට සැරසී සිටින නමුත් ඒ සඳහා වුවමනාකරණ මහත් වියදම කෙසේ ලැබේදැයි කල්පනා නොකිරීම බරපතල වරදකි. අනුන් යටතේ රක්ෂාවක් කොට ලැබෙන වැටුප් මද වුවොත් අනුන්ට ණය වෙලාවත්  පරසිරිත් සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තුවීම විලිබිය රහිත ක්‍රියාවකි. මේ රටට පැමිණ සිටින පළමු කී කොයි ජාතිකයෝත් ධන සැපයීම සඳහාමය. එයින් ඇතැම් අය වෙළඳාමදල සමහරු වතු වැවීමදල තවත් අය වෙනත් රැකීරක්ෂාවල් ද කොට බොහෝ දණ සපයා සිය රටට යවතිග විදේශික වෙළෙන්දා ගෙන්වන නොයෙක් කෑම් පීම් ද්‍රව්‍ය සහ නානා විලාශයෙන් යුත් ඇඳුම් පැළඳුම් සියල්ලක්ම අපේ සිංහල සමූහයා මිළදී ගණිති. එයින් දිනෙන් දිනම අප් දීනභාවයම වැඩීගන යන්නේය. පිටරටින් මෙහි ගෙණෙන කෑම් පීම් ද්‍රව්‍ය බොහෝමයක් සුළු වියදමින් සාදාගන්ට පුළුවන් නමුත් ඒ ගැන කිසිත් නොසලකයි.

පරජාතිකයෝ දුප්පත් සිංහලයන් ලවාම වතු වවාගණ මහත් ධනයක් අයිතිකර ගණිති. මෙසේ ධනාශාවෙන් මෙහි එන නොයෙක් ජාතිකයන්ගේ අනාර්‍ය්‍යය සිරිත්වලටම කැමැතිවනු විනා ඔවුන් මෙන් ධන සපයා ගතයුතුයයි කල්පනා නොවීම අප ජාතියේ දුර්භාග්‍ය කාලය තවම  සීමා රහිත හෙයිනැයි සිතීමට අවකාශ තිබේ. පරදෙශිකයාමෙන් වවාගත් තේ, රබර්, පොල් යනාදී විශාල වතු අයිති අපේ පොහොසතුන් කීදෙනෙක් සිටිත් ද? විශාල වෙළඳ ශාලා සහ කර්මාන්ත ශාලා ඇති කීදෙනෙක් සිටිත් ද? ජාතියේ හා රටේ දියුණුවට ධන වියදම්කොට මහා විද්‍යාලයන් පිහිටෙව කීදෙනෙක් අද දවසේ සිටිත් ද? අනාථ ජනයා සඳහා විශ්‍රාම ශාලා තනවා ක්‍රියා කරන්නෝ කීදෙනෙක් විද්‍යමානද? පොදු ජනයාගේ ප්‍රයෝජන සඳහා ජාති හිතෛෂීව වස්තු වියදම් කරණ ප්‍රභූහු කීපදෙනෙක් සිටිත්දැයි කල්පනා කරණු මැනවි.

නානා දේශවාසීන් ස්වජාතියල ආගමල රට සමුන්නතියට පමුණුවාලීමට පවුම් ලක්ෂගණන් වියදම් කිරීමට පබොධව සිටින මේ කාලයෙහි අපේ ධනවතුන් ඇස් කන් නැති අය මෙන් නිශ්ශබ්දව විසීම යුතුද? පාණ්ඩිත්‍යය ලබාගැණීමට නිසි ශාස්ත්‍ර උගණීමකුත් නැතුව ධන සමෘද්ධියට යොග්‍ය කටයුතුවලිනුත් තොරව මව්පියන් සතුදේ දුටු දුටු පරසිරිත්වලට වියපැහැදම්කොට කාලය ගත කිරීම ශ්‍රෙෂ්ඨ මනුෂ්‍ය වර්ගයක් වූ සිංහලයන්ට හරිද? එයින් තම පරම්පරාවත්ල ජාතියත් රැකේද? අපේ සමහරු එකිනෙකාගේ නින්දිත සිරිත් බාරගෙණ ක්‍රියා කිරීම නිසා මුළු ජාතියටම අන්‍ය ජාතිකයෝ නිග්‍රහ කරති. මේ අන්දමින් තව ටික කාලයක් ගතවුවාත් ආර්‍ය්‍ය සිංහල ජාතිය සහමුලින්ම විනාශ වන්නේයයි සැලකියයුතු නොවේද ? එබැවින් ජාතිහිතෛෂී ප්‍රභූමහතුන්ට ඉදිරියට පැමිණ වහ වහා ක්‍රියා කිරීමට ඉතාම යොග්‍ය කාලය දැන් පැමිණ තිබේ. එමනිසා නිෂ්ඵල පැෂැන්වලට වියදම් කරණදේ බාල පරම්පරාවට නා නා ශාස්ත්‍ර ඉගැන්වීමට පිරිනමා ශාස්ත්‍රඥයන් බහුලකිරීමට ද අපේ මුදල්ටික  ඇදගැණීමට සෑදී සිටින පර ජාතික වෙළඳුන් ගැන බලා නොසිට ප්‍රධාන වෙළඳශාලා ඇතිකර ගැණිමෙන් හා වතුපිටි වැවීමෙන් ධන සැපයීමටද අප්‍රමාදව කටයුතු සම්පාදනය කරගත යුතුයි.  එයින් සූරවීර සිංහායමාන සිංහලයන්ගේ පරිහානි කාරණා බැහැර කරගත හැකි බැව් ජාතික මමත්වයෙන් මතක්කරම්හ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *