Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙලක් කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමට රජය කටයුතු කරනවා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි

සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙලක් කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමට රජය කටයුතු කරනවා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි

 

ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින අතරතුර වුව ද පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය උත්සාහ දරන්නේ රටේ අනාගතය සහ ආර්ථිකය සම්බන්ධයෙන්
යහපත් බලාපොරොත්තුවක් සහිත ව බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :-

චීනයෙන් අපට ලැබුණු එන්නත් ලක්ෂ හයෙන් මේ වෙනකොට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තිබෙනවා.තවත් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීමට කටයුතු කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචාරණ සීමා පනවා ඇතත් බස්නාහිර පළාතේ සෑම එම්.ඕ. ඒච් කාර්යාලයකම වෛද්‍යවරු යොදාගත් ආකාරයටම එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පලමු මාත්‍රාව ලබා දී අවසානයි. ඉදිරි සති කිහිපය තුලදී දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පළමු අදියරේ සයිනොෆාම් එන්නත එක්ලක්ෂ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි අදියරේත් එවැනි ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.

දැන් මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ හතරකට පමණ එන්නත් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නත ඉතා කඩිනමින් ලබාදීමට රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස 4 ඇතුළත දී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට කොවිඩ් කමිටුවේ දී සාකච්ඡා කර තීන්දු කරලා තිබෙනවා.

එන්නත ලබා දීමේදී කොවිඩ් කමිටුව හරහා නිසි ක්‍රමවේදයක් ලබාදී තිබෙනවා. මුලින්ම කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රදේශ සහ අවදානම් කලාප යනුවෙන් හඳුනා ගත් ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඊළඟට ජනාධිපති තුමාගේ විශේෂ ඉල්ලීමක් මත රාජ්‍ය සේවයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්, ඇතුළු කොවිඩ් මර්දන ව්‍යාපාරය තුල ග්‍රාමීය කමිටුවේ ජනතාවත් එක්ක ගැටෙන කණ්ඩායම් සහ ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරනවා. එම ක්‍රියාදාමය ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉතාමත් ම පිළිවෙළකට ක්‍රියාත්මක කරමින් තිබෙනවා .

ඒ වගේම ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේත් සියයට පනහකට වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදීමට. ඉදිරි සති හතර පහ ඇතුළත එම කටයුතු අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මේ වෙනකොට සෞඛ්‍ය අංශවල උපරිම ධාරිතාවය යොදවා ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න කටයුතු කර තිබෙනවා.

මුදල් වලට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එවැනි චෝදනා එල්ල කරනු ලබන්නේ මානසික ආබාධයක් ඇති පුද්ගලයින් විය හැකි බවයි. පසුගිය වාරයේ එන්නත ලබා දීමේදී බොහෝ පුද්ගලයින් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් එල්ල කරනු ලැබූ අසත්‍ය තොරතුරු සහ චෝදනා ඊට හේතු වූ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම පිළිබඳව යෝජනාවක් තිබෙනවා. කොවිඩ් කියන්නේ එක පක්ෂයකට සීමා වූ වෛරසයක් නොවේ. ඒ නිසා හැමෝම එකමුතු වෙන්න ඕනේ.
නමුත් කනගාටුවට කරුණ නම් අපේ රටේ එහෙම වෙන්නේ නැති එකයි. මරණ සංඛ්‍යාව වැඩිවෙනකොට විපක්ෂය ඇතුළු බොහෝ පිරිස් එය හිනාවට ලක් වන කරුණක් කරගන්නවා. අප විපක්ෂයේ ආගමනය සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තුවක් තබා ගන්නේ නැති වුණත් ඔවුන් සහයෝගය ලබාදෙනවා නම් ඉතා හොඳ බව කියන්න කැමතියි.

යම්කිසි බලතල ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් කොවිඩ් මර්දන ව්‍යාපාරයට සහාය දීමට තමා සූදානම් බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන්
නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා රජය කුමන බාධක දැමූවත් තමන් මැයි පෙලපාලි පවත්වන බවට අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සිහිපත් කළේය. විපක්ෂයේ ඇතැම් පිරිස් සිදුකරන මෙවැනි ප්‍රකාශ අදාල කර නොගෙන ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඉතා වගකීමෙන් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙමින් සිටිනවා. මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීම නොව එක්ව වැඩ කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සාකච්ඡා කිරීමට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට පක්ෂයක් වශයෙන් කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට රෝගීන්ට ඇඳන් ලබාදීම, එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම වැනි කටයුත්තකට මේ අවස්ථාවේදී සහය දෙන්නේ නම් ඉතා වැදගත් වන බවයි.

රටේ වසංගතයක් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවා පෝට් සිටි පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රටේ වසංගතයක් තිබෙන බව පවසමින් අනෙකුත් වගකීම් සහ රාජකාරි නවතා දැමීමට රජයකට කිසිසේත්ම නොහැකි බවයි. රජයේ අනෙකුත් ක්‍රියාකාරකම් නවතා දමා රජය අකර්මණ්‍ය බව පෙන්වීමට ඇතැම් පිරිස් වලට අවශ්‍යතාවයක් ඇතත් රජයට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් බාධක මැඩ ගනිමින් රට ඉදිරියට ගෙන යාම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රට ලොක් ඩවුන්වෙනවා නම් ඇඳිරි නීතිය පනවනවා නම් ආර්ථිකය වැටෙනවා නම් රජයට ප්‍රශ්නයක් වෙනවා නම් විපක්ෂය සතුටින් බලා සිටිනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙනවා නම් ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒ අය සතුටු වෙනවා.

ඒ නිසා එවැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ පිළිබඳව අවධානයක් යොමු කිරීමෙන් තොරව රටේ සාමාන්‍ය තත්ත්වය තත්ත්වය පවත්වාගෙන යන්න රජය හැකි හැමවිටම උත්සහ දරනවා. රටේ ආර්ථිකය මේ
වෙලාවේ ශක්තිමත් වෙන්න ඕනෙ. පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක වෙන්න ඕනේ. මේ කටයුත්තට සහභාගි වෙන්නේ මන්ත්‍රීවරුන්.ජනතාව නෙවෙයි. වසංගත තත්වයක් රටේ තිබුනත් පාර්ලිමේන්තුවට අනෙක් හැම දේකටම එන්න පුළුවන්නම් මේ වැදගත් කටයුත්ත ටත් ඇවිල්ලා සාකච්ඡා කරලා තීන්දු අරගෙන කටයුතු කරන්න පුළුවන්.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *