කන්දකාඩු රැඳවියෙකුටත් කොරෝනා, ඊයේ වාර්තා වූ ආසාධිතයින්ගේ තොරතුරු මෙන්න

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ්-19 නව ආසාදිතයන් 13ත් සමග මෙරට මුලු කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 3,312 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ඊයේ දිනයේ ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි.

එමෙන්ම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු , සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකු ,කුවේට් සිට පැමිණි හත්දෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු කොවිඩ් රෝගීන් ලෙස ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ. මේ අතර මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 3118 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *