සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති පවසයි

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාවේදී රටේ ජනතාවගෙන් ලද සහයෝගය පිලිබඳව ස්තුතිවන්ත වන බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව යලිත් ඒකරාශි නොවී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටී.

ඉදිරි සති 2-3 තුළ දී ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ අවමව පෙන්නුම් කරනු ලබන රෝගීන්ව නිවසේ සිට ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව ඉදිරි දිනවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *