ශ්‍රේෂ්ඨාධිකරණ මතය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම්දීම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02හි දී අද දින පැවැත්විණි .

එහිදී අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හා එහි වපසරිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීමවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් කර ඇත.

අනතුරුව වරාය නගරය හා බැඳී පවතින ආර්ථිකමය ප්‍රතිලාභ සහ වටිනාකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පැහැදිලි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරු එක්ව සිටි බවද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *