ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහණ මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින්, මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියක ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ලබාදෙමින් මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට තීරණය කර තිබේ.

මෙම වැඩසටහන මැයි 18 දින සිට දියත් කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් චීනයේ – බෙයිජිං , ෂැංහයි, ග්වැන්ෂෝ, කැන්ටන්, යුරෝපයේ – ලන්ඩන්, ෆ්‍රෑන්ක්පර්ට්, ඕස්ට්‍රේලියාවේ – මෙල්බර්න්, ජපානයේ – ටෝකියෝ ,නරීටා ,මැදපෙරදිග – දෝහා, ඩුබායි , මාලදිවයිනේ – මාලේ , බංග්ලාදේශයේ – ඩකා සහ සිංගප්පූරුව වැනි ගමනාන්ත කරා ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *