ලන්ඩන් සිට තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් මෙරටට

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග විදෙස් රටවල සිරවී සිටින, මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ලන්ඩන් නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගත් දෙවැනි ගුවන් යානය අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-504 දරණ විශේෂ ගුවන් යානය අද දින අලුයම 3.05 ට කටුනායක ගුවන් තොටුපළට මෙම පිරිස රැගෙන පැමිණ තිබුණා.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම පිරිස් අතර දුරස්ථභාවය රැකෙන අයුරින් ගුවන් යානය තුළ ඔවුන් අසුන් ගන්වා තිබූ අතර, ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පියවර ගත්තා. අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථවලින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *