ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ණය පහසුකම් සැපයීමට එක්සත් ජනපදය එකඟ වෙයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ණය පහසුකම් සපයන බව එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී තානාපතිනිය මේ බව ප්‍රකාශ කළාය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේදී රජය ලබාදුන් සහය තානාපතිවරයාගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑතකාලීන පසුබෑමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධවීම සඳහා අමෙරිකාවේ සහය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය අගය කළ චුන්ග් මහත්මිය එය ශ්‍රී ලංකාවේ අනාගතයට වැදගත් බවද පැවසුවාය.

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළත් අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *