ශ්‍රී ලංකාවේ නැනෝ චන්ද්‍රිකාව KITSUNE කක්ෂයට මුදා හැරේ

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂයට මුදා හැර තිබේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400කට ආසන්න දුරින් පිහිටි ‘කිට්සුනේ’ නැනෝ චන්ද්‍රිකාව බ්‍රහස්පතින්දා (24) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:20 ට පමණ කක්ෂයට යවන ලදී.

ජාත්‍යන්තර මධ්‍යස්ථාන 5ක සහය ඇතිව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් සංවර්ධනය කරන ලද ‘KITSUNE’ නැනෝ චන්ද්‍රිකාව නවීනතම කැමරා පද්ධතියකින් සමන්විත වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, ‘KITSUNE’ Cygnus NG-17 රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී.

එය නෝර්ත්‍රොප් ග්‍රම්මන් රොබෝ ප්‍රතිසැපයුම් අභ්‍යවකාශ යානය සිග්නස් හි දහහත්වන පියාසැරිය වන අතර නාසා ආයතනය සමඟ ඇති වාණිජ ප්‍රතිසම්පාදන සේවා (CRS-2) ගිවිසුම යටතේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත එහි දහසයවන පියාසැරියයි.

මෙහෙයුම 2022 පෙබරවාරි 19 වන දින දියත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *