Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රීලනිප තීන්දුව අද උදේ 11ට – පොහොට්ටුව ලකුණ නැතිවෙයිද?

ශ්‍රීලනිප තීන්දුව අද උදේ 11ට – පොහොට්ටුව ලකුණ නැතිවෙයිද?

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බවට ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සමීප වෙබ් අඩවි මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවෘත්ති වාර්තා කර ඇත.

ඒ අනුව ඊයේ(5) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීන්දුව ගෙන ඇති බවට පැවසේ.

මේ අතර ඊයේ රාත්‍රියේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බවත් ඒ අනුව අදාළ තීන්දුව අද(6) පෙරවරු 11ට දැනුම්දීමට නියමිත බවත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසා ඇත.

මීළඟ මහ මැතිවරණයේදී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති ව තිබෙන බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පොහොට්ටුව ලකුණින් ඇප මුදල් තැන්පත් කර ඇති බැවින් මේ මොහොතේ ලකුණ වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *