Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අගමැතිට හෝ කථානායකට අවලංගු කළ නොහැක

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අගමැතිට හෝ කථානායකට අවලංගු කළ නොහැක

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු සංසදයකට අවලංගු කළ නොහැකි බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමය පවසන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තීන්දු හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද නාමයෝජනා අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට කෙරෙන තර්කය නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ජේ ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බව BASL විසින් තහවුරු කරන ලදී. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපතිවරයා සතු යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම හැර අනෙකුත් බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල සීමාවට (35 වැනි වගන්තිය) යටත් වන බව නීතිඥ සංගමය ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රය කෙරෙහි පූර්ණ විශ්වාසය පළ කරන බවත්, මෙම තීරණාත්මක මොහොතේ අධිකරණයේ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණය වෙනුවෙන් පෙනී සිටින බවත් නීතීඥ සංගමය සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේය.

නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *