Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංගම මේ වසරේ මුදල් රහිත ප්‍රවේශපත්‍ර හඳුන්වා දෙයි.

ශ්‍රී ලංගම මේ වසරේ මුදල් රහිත ප්‍රවේශපත්‍ර හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බස් රථ සඳහා මුදල් භාවිත කිරීම වෙනුවට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට මගීන්ට හැකි වන පරිදි කාඩ්පත් ක්‍රමයක් මේ වසරේ හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව QR කේතයක් භාවිත කරමින් මගීන්ට බස් ටිකට්පත් ලබාගැනීම සඳහා නව තාක්ෂණික විසඳුමක් හඳුන්වා දෙනු ඇත.

අමාත්‍ය ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඉන්දීය රජයේ ණය ආධාර යෝජනා ක්‍රමය හරහා නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදා හැරීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සවය ඊයේ (9) නුවරඑළිය ග්‍රෙගරි වැව අසල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නුවරඑළිය ලංගම ඩිපෝ හතකට නව බස් රථ 26ක් බෙදාදීම ඊයේ සිදුකෙරුණා.

“නව බස් රථ වතුකරයේ සහ ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමටත්, එමගින් ග්‍රාමීය සහ වතුකරයේ අභ්‍යන්තර මාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරමින් ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් සැලසීමත් අරමුණයි,” අමාත්‍යවරයා පැවසීය.

https://youtu.be/X7MEDweUjt4

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *