ශ්‍රී ලංකා රුපියල ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් වෙලා: සියඹලාපිටිය

ශ්‍රී ලංකා රුපියල දැන් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් ලෝකයේ අනෙකුත් සියලුම මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවයි.

“පළමු මාස ​​හතරේ දී, රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1 කින් වැඩි වී ඇති අතර යුරෝවට සාපේක්ෂව සියයට 12.7 කින් වැඩි වී ඇත,” ඔහු පැවසීය.

ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලේ අගය සියයට 10.8කින් සහ චීන යුවාන්ට සාපේක්ෂව සියයට 11.4කින් ඉහළ ගොස් ඇති බව ආචාර්ය සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

ජපාන යෙන් හා සසඳන විට රුපියල සියයට 21 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 9.5 කින් වර්ධනය වී ඇති බවත් ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 14.2 කින් වර්ධනය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *